කුවේණි යුගයේ සිට එන බීරලු රේන්ද කලාව
![Image](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLKNDhvdHUXEZmXGU_tbPeKnufWQ2gGta9hlVSEvAPAF-1cc81W49V1xSy_z9ySJMQAREg1ZzAy27FlXi0bqQpTkSx_d14nSMgowogec0aEEEbGeOFMsbrPEWTtnqPNO_9u6hNcmHqs5M/s320/image_63ee65aacf.jpg)
දකුණේ බීරලු රේන්ද කලාව පිළිබඳ නොදන්නා කෙනෙක් නැත. ඉතිහාස මාවතේ ඇවිද තතු සොයන අතර නිතර අපට හමුවන මෙම කර්මාන්තය පිළිබඳ තතු අප ඔබ සමඟ බෙදා නොගත්තේ එබැවිනි. එහෙත් මෙම අපූරු කලාවේ ඉතිහාසය පිළිබඳ තතු ඔබ සමඟ බෙදාගන්නට තරම් විශේෂිත කතාවක් අපට හමුවිය. ඒ නිසාම මේ කතාව රේන්ද කලාවේ ශිල්පීය ක්‍රම පිළිබඳ හෝ වර්තමාන තත්ත්වය පිළිබඳ නොවන බව සංචාරක සිහි කටයුතුය. ගාලු ලේස්, බීරලු ලේස් ආදී නම්වලින් ප්‍රචලිත මෙම කර්මාන්තය පෘතුගීසින්ගෙන් ලද උරුමයක් බව පොදුවේ පිළිගැනෙන මතයයි. එහෙත් දකුණු ලක ජනශ්‍රැති අනුව එය එසේ නොවෙතැයි කියවෙන අපූරු පුවතක් හමුවේ. එතරම්ම ප්‍රකට නොවුණ ද මෙය විමසා බැලීමට වටිනා කතාවකි. විජය රජු ලක්දිවට පැමිණෙන විට කුවේණිය කපු කටිමින් සිටි බව අප කවුරුත් දන්නා ඉතිහාස කතාවකි. එහෙත් මෙම ජන කතාවට අනුව කුවේණිය එදා ගොතන ලද්දේ රේන්ද රටා වියමනකි. එපමණක් නොව මේ කතාවට අනුව විජයාවතරණය වනවිට කුවේණිය සිටියේ දකුණු පළාතේය. තරමක් විස්මයක් ඇතිකළ ද මෙය දකුණේ බීරලු රේන්ද කලාවේ ඉතිහාසය සොයා යන අතරතුර අහම්බයෙන් හමුවූ කතාවකි. මෙම ජනශ්‍රැතිය හුදු ප්‍රලාපයක් ලෙසින් බැහැර කළ නොහැකි වන පරිදි මෙය වටා ගොඩනැගී ඇති තවත් මත ...